Bucket
Challenge යනු අභියෝගාත්මක අයුරෙන් කෙනෙකු තමාගේ හිස මතට අයිස් කැට සහිත
අයිස් ජාල බකට්ටුවක් හලා ගැනීමයි. තරඟයක ස්වභාවයක් ගන්නා මෙය සාමාන්‍යයෙන්
ජූලි 29ත් අගෝස්තු 20ත් අතර කාලය තුළ පවත්වනු ලබයි. මෙම අභියෝගය ALS
(Amyotrophic Lateral Sclerosis) යන පදනම මගින් පවත්වනු ලබයි. මෙහි
පරමාර්ථය වන්නේ ස්නායු රෝගීන් සඳහා අරමුදල් රැස් කිරීමයි.
මේ
සඳහා වෙන්වූ පොදු කොන්දේසි තිබේ. මෙම අභියෝගය බාරගන්නා පුද්ගලයා අයිස්
පිරුණු බකට්ටුවක් තම හිස මත හලා ගත යුතු අතර එය වීඩියෝ කොට Youtube වෙත දමා
පැය 24ක් තුලදී අයිස් බකට්ටුවක් නෑම සඳහා තවත් පුද්ගලයින් තිදෙනෙකු නම් කල
යුතුය. මෙසේ එම කාර්යයන් නිවැරදිව සම්පුර්ණ කලේනම් ඔහු විසින් ALS පදනම
වෙත ඩොලර් 10ක් වැනි මුදලක් පරිත්‍යාග කල යුතු වේ. ඔහු නම් කරන ලද
පුද්ගලයින් අභියෝගය බාරගත්තේනම් එවිට එම පුද්ගලයින්ද පැය 24ක කාලයක් තුළදී
අයිස් බකට්ටුවක් තම හිස මත හලා එය වීඩියෝ කොට Youtube වෙත දැමිය යුතු වේ.
ඔහුට එසේ කිරීමට නොහැකි වුවහොත් එම පුද්ගලයා විසින් ALS පදනම වෙත ඩොලර්
100ක් වැනි මුදලක් පරිත්‍යාග කල යුතු වේ.
මෙය
2012 වසරේදී පමණ අරඹ වූවක් වන අතර මේ වන විට ලොව පුර විශාල වශයෙන් මෙයට
යොමු වීමක් පෙන්වයි. ALS පදනම ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ අරමුදල සති 3ක් ඇතුලත
ඩොලර් මිලියන 31න් ඉහල යන බවයි.
No comments:
Post a Comment