Tuesday, August 12, 2014

බල්ලෙකු සපා කෑ විට

බල්ලෙකු සපා කෑ විට 

01  ක්‍රමය

සපා කෑ විගස සබන් ගා ගලා යන ජලයෙන් සෝදන්න.

02  ක්‍රමය 

මුරුංගා කොළ හුණු සමග කොටා තුවාලයේ බඳින්න.

03  ක්‍රමය 

දිවුල් කොළ,පොතු,අමුකහ,දියලුණු සමව ගෙන කොටා මලවා බඳින්න. 

04  ක්‍රමය 

තුවාලය ඇත්නම් කහ කුඞු,පොල්කටු අගුරු කුඩු එකට කළවම් කර තුවාලයට දමන්න.

 

මෙම  අත් බෙහෙත් කිරීමෙන් පසු හැකි විගසින් ලඟම පිහිටි රෝහල වෙත ගොස් අදාළ වෛද්‍යවරයා හමුවන්න. සුනකඛයා නිවසක ඇති කරන බෙහෙත් විදින ලද කාඩ් පතක් හිමි සුනඛයෙකු නම් එම කාඩ් පතද රැගෙන යන්න. එය වෛද්‍යවරයාට පහසුවක් වන අතර ඔහු විසින් අදාල උපදෙස් ඔබට ලබා දෙනු ඇත. සුනඛයා නිවසක ඇති කරන සුනඛයෙකු නම් ඔහුට බෙහෙත් විද ඇති කාල සීමාව ගැන සැලකිලිමත් වන්න. අවසාන වරට බෙහෙත් විදීම අවුරුද්දකට වැඩි කාලයකදී සිදු කර ඇත්නම් සුනඛයා තුළ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නොමැති අතර සපා කෑමෙන් දින 14කට පසු සුනඛයා යලිත් එන්නත් කළ යුතුය. එම කාලය අතරතුර සුනඛයාගේ වෙනස්වීම් ඇත්දැයි පරික්ෂාකාරී වන්න. අදාළ වෛද්‍ය උපදෙස් පිළිපදින්න. 

 

(සැයු. ඉහත අත් බෙහෙත් විස අඩු කිරීමට පමණක් බැවින් සුනඛයන් පමණක් නොව ඕනෑම සතෙකු සපා කෑ විට වෛද්‍ය සහය පතන්න. සුනකයන්ගෙන් පමණක් නොව පූසන්, මීයන්, ලේනුන් ආදී සතුන්ගෙන්ද මෙම වෛරසය ශරීරගත විය හැක.)  

   

 

No comments:

Post a Comment