ඔබගේ මුහුණෙන් blackheads අඩු කරමු
වර්තමානයේ කාන්තාවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් තමයි තම මුහුණේ blackheads,
whiteheads හා කුරුලෑ හටගැනීම. මේ සඳහා නොයෙකුත් ආලේපන වර්ග සඳහා සෑහෙන
මුදලක් ඔවුන් වැය කරනවා ඇති. එම ආලේපන සාර්ථක වන අවස්ථා වලට වඩා අසාර්ථක වන
අවස්ථා බොහොමයක් ඇති. ඉතින් අ අවස්ථා අතරට මේවත් කරලා බලන්න.
මුහුණේ තිත් ලප වලට
- 01 ක්‍රමය
කටු
ඉඹුල් ගහේ කටු එළ කිරෙන් අඹරා රාත්‍රි නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල්වතුරෙන්
මුහුණ සෝදන්න.
- 02 ක්‍රමය
කහ,වෙනිවැල් ගැට ලොන් සුඹුලු,අබ,මනෝසිල සමව ගෙන තැඹිලි වතුරෙන් අඹරා රාත්‍රි
නින්දට යනවිට මුහුණේ ගාන්න. උදේට ඇල් දියෙන් මුණ සෝදන්න. මේ අතරට ආලේපන වර්ග ආලේපනයෙන් වලකින්න
කුරුළෑ වලට
- 01 ක්‍රමය
ලොන් සුඹුලු,වද කහ,කොත්තමල්ලි ඇල්වතුරෙන් අඹරා ගාන්න.
- 02 ක්‍රමය
නස්නාරං මුල්,මනෝ සීල එක පමණ ගෙන පළමුව එළගොම ඉස්මෙන් අඹරා දෙවනුව ගිතෙලින් අඹරා
ගාන්න. තිත්
ලප කුරුලෑ සම්පූර්ණ නැතිවේ. (මනෝසීල විෂ ද්‍රව්‍යයකි. කටේ නොගෑවෙන ලෙස ප්‍රවේශමෙන් බාවිතා කරන්න)
No comments:
Post a Comment