VOC ඉතිහාසය
මේ දවස වල ගොඩක් දෙනා අතර ප්‍රසිද්ද දෙයක් තමයි VOC කාසි, VOC පිඟන් කියන දෙවල්. ඉතින් ගොඩක් දෙනා VOC කාසි ගන්නවද? VOC කාසි වල ගාන කීයද? කිය කියා මේ කාසි ගනුදෙනු කලාට ඒ අතරින් කී දෙනෙක් මේ VOC ගැන දැනුවත්ද?
ලන්දේසි පාලනය
වර්ෂ 1600 ගණන් වලදී ශ්‍රී ලංකාව පෘතුගීසි ආක්රමණිකයින් විසින් අර්ධ වශයෙන් පාලනය කරන ලදි. එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය එතරම් යහපත් නොවීය. පළමුවන විමලදර්මසූරිය රජු උඩරට රාජධානියේ රජ වීමෙන් පසු පෘතුගීසින් පලවා හැරීමට උත්සහ කළ අතර එහිදී විමලදර්මසූරිය රජු ලන්දේසීන්ගේ සහය පැතීය. එහිදී ලන්දේසීන් විසින් පෘතුගිසින්ව පලවා හැරීමට සමත් වූ අතර අවසානයේදී ඔවුන්ද පෘතුගීසින් මෙන්ම ලංකාවේ ප්‍රදේශ කොටස් වශයෙන් ආක්‍රමණය කිරීය. අනතුරුව වසර 150ක පමණ කාලයක් ලංකාවේ ඇතැම් කොටස් මොවුන් විසින් පාලනය කළ අතර ඉංග්රීසින්ගේ පැමිණීමෙන් අනතුරුව මොවුන්ගේ පාලනය අවසන් වීය.
ලන්දේසි වෙළඳාම
1658 දී පෘතුගීසින් පළවා හැරීමෙන් අනතුරුව ලංකාවේ මුහුදු බඩ පළාත් ලන්දේසින් විසින් අත්පත් කර ගන්නා ලදී. ඔවුන් අත්පත් කර ගන්නා ලද ප්‍රදේශ වල ඔවුන්ගේ වෙළඳාම් සිදු කළ අතර එම ප්‍රදේශ වල වෙළඳ බලය ඔවුන් සතු වීය. එකල ලන්දේසි රාජ්‍ය නියෝජනය
පෙරදිග වෙළඳ කටයුතු සඳහා පිහිටුවන ලද වෙළඳ සමාගමක් විසින් සිදු විය. එම වෙළඳ සමාගමේ නාමය වූයේ Vereenigde Oostindische Compagnie ලෙසය. ලන්දේසීන් විසින් එහි නාමය එසේ හඳුන්වද්දී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ලෙස සිංහලයින් විසින් එම සමාගම හදුන්වනු ලැබීය. ලන්දේසි නාමයේ මුල් අකුරු තුන එක් වීමෙන්
VOC යන යෙදුම ඔවුන් සාදා ඇති අතර එම අකුරු තුන එකල ලන්දේසීන්ගේ රාජ්‍ය මුද්‍රාව ලෙස භාවිත කරන ලදී.
VOC යන්න බහුල වශයෙන් එකල භාවිතා වූ කාසි වල සටහන් වූ අතර ඊට අමතරව ඔවුන්ගේ අවි ආයුධ පිඟන් වැනි විවිද උපකරනයන්හිද ඔවුන්ගේරාජකීය සටහන් වල මුද්‍රා ලෙසද මෙම VOC නාමය භාවිතා කොටඇත.
(පුරා වස්තු ආඥා පනත යටතේ 1815 ට පෙර භාන්ඩ කිසිවක් අපනයනට තහනම් බැවින් මෙම VOC ලෙස සඳහන් කාසි, පිඟන් ආදිය විකිණීමේදී කල්පනාවෙන් කටයුතු කරන්න. තවද මෙම භාන්ඩ විදේශගත කළ නොහැකි අතර විදෙශගත කිරිම හෝ ඊට සහය වීමෙන් පුරා වස්තු ආඥා පනත යටතේ දඩුවම් ලැබීය හැකිය.)