Saturday, August 16, 2014

ඩෙංගු පරාජය කරමු

ඔබ සතු ඩෙංගු රෝගය ගැන දැනුවත් වීම ප්‍රමාණවත්ද???

ඩෙංගු රෝගය මාරාන්තික වෛරස් උණකි. ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus )නම් මදුරු විශේෂ දෙක මගින් බෝ වන මෙම රෝගය සඳහා තවමත් නිසි ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. පිරිසිදු ජලයේ බිත්තර දමමින් ව්‍යාප්ත වී දිවා කාලයේ පමණක් සක්‍රිය වී සිටි මෙම මදුරුවන් මේ වන විට අපිරිසිදු ජලයේත් බිත්තර දමන බවත් දිව කාලයේ මෙන්ම රාත්‍රී කාලයේත් සක්‍රිය බවත් සොයාගෙන තිබෙනවා. මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති බැවින් මෙම මදුරු විශේෂ බෝවීම වැලැක්වීම මෙම රෝගය වැළක්වීමේ මුලික පියවර වෙනවා. මෙම මදුරු විශේෂ බෝවන ස්ථාන, විවේක ගන්න ස්ථාන විනාශ කිරීම මගින් රෝග ව්‍යාප්තිය අවම කරගත හැක.

 

ඩෙංගු මදුරුවාගේ ජිවන චක්‍රය

ඩෙංගු රෝගය බෝවන්නේ ගැහැණු මදුරුවාගෙනි. ගැහැණු මදුරුවා ජලය සහිත ස්ථාන වල ජලය මතුපිට බිත්තර දමයි. මෙම බිත්තර කල් පවතින අතර ජලය සිඳී ගිය විටද එම ස්ථාන වල පෘෂ්ඨයේ තැන්පත්ව තිබී නැවත ජලය එකතු වූ පසු සක්‍රිය වේ. පසුව බිත්තර මගින් කීටයන් බිහිවී ඔවුන් වර්ධනය වී කෝෂ බවට පත්වේ. කෝෂ වර්ධනය වී ඉන් මෙම මදුරුවන් බිහි වේ.

මදුරුවන් බෝවිය හැකි ස්ථාන 

කුණු කසල එකතු වන ස්ථාන    




ඔබ  විසින් පරිසරයට එකතු කරන කසල ගොඩවල් තුල මදුරුවන බෝවිය හැකි ස්ථාන බොහොමයක් ඇති විය හැක. මෙසේ කසල ගොඩවල් එක් රැස් වීම අවම කිරීම අප සැමගේ වගකීමක් වේ. ඒ සඳහා ඔබ එදිනෙදා එකතු කරගන්නා කසල ප්‍රමාණය අවම කර ගැනීම, පොලිතින් බාවිතය අවම කිරීම, කොම්පෝස්ට් බඳුන් බාවිතා කිරීම වැනි දේ කල හැක, පොලිතින් ප්ලාස්ටික් වැනිදේ පිලිස්සිය හැකි නමුත් එය පරිසර දුෂණයකි. එබැවින්   පොලිතින්, ප්ලාස්ටික්, විදුරු වැනිදේ ප්‍රතිචක්‍රියකරනය සඳහා යොමු කිරීම සිදු කල හැකි.    

වැහි පීලි 

ඔබ නිවසේ ඇති වැහිපීලිගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන්න. ගස් වල කොළ රොඩු වැටි ඒවා සිරවීමෙන් වැහි පීලි තුලින් ජලය ගල යාම නතර වී ජලය එක රැස් වීමෙන් ඩෙංගු මදුරුවන් බෝ විය හැක.








විසිතුරු  මල් පඳුරු 

ඔබ  නිවසේද මෙවන් ආකාරයේ විසිතුරු මල් පඳුරු වර්ගතිබිය හැක. මෙවැනි ශාක වල පත්‍ර වින්‍යාසය ජලය රැඳෙන අයුරින් සැකසී ඇති අතර ඒවායෙහි මදුරුවන් බෝවිය හැක. මෙවැනි ශාක විනාශ කර දමන්න එසේ නැතහොත් එවායෙහි පත්‍ර අතර ජලය නොරදෙන සේ හොඳින් වැලි පුරවන්න. නිතර එම ශාක කෙරෙහි අවදානය යොමු කර මදුරුවන් බෝවීම අවම කර ගන්න.  

 









අහාරය  පිණිස වගා කර ඇති පඳුරු වර්ග 

ආහාරය  පිණිස වගා කරන අන්නාසි, රම්පෙ, කෙසෙල් වැනි ශාක පත්‍ර අතරද ජලය රැස් වේ. මේවායෙහි පත්‍ර අතරටද වැලි දීමෙන් ජලය එකතු වීමට ඉඩ නොදී මදුරුවන් බෝවීම අවම කර ගත හැක. රම්පෙ පඳුරු වර්දනය වීමත් සමග තරමක් ඉහලට වැඩේ. එවිට ඊට වැලි දීමට අපහසුය. එබැවින් ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කුඩා පඳුරු තබාගෙන ඉතිරිය කපා විනාශ කර දැමීම යෝග්‍ය වේ.  


 





ස්වබාවික පඳුරු වර්ග

ස්වබාවික වශයෙන් බෝවන වැටකේ ශාක වර්ගද ජලය එක්රැස් වන ශාක වර්ග වේ. එම ශාක කැප ඉවත් කිරීම යෝග්‍ය වේ.


 

ඔබ  ආහාරයට ගෙන ඉවත් කරන පලතුරු ලෙලි මගින් 

ඔබ ආහාරයට ගන්න පලතුරු වල ලෙලි, පොතු ආදියෙන්ද ඩෙංගු මදුරුවා බෝවිය හැකි බව ඔබ දන්නවාද???
ඔබ  ක ඉවත් කරන රඹුටන්, අලිගැට පේර, දුරියන්, මැන්ගුස් වැනි පලතුරු වල ලෙලි පොතු වැනිදා අක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමෙන් ඒවායෙහි ජලය එකතු වී ඩෙංගු මදුරුවා බෝ විය හැක. එබැවින් එම අහාර ආහාරයට ගැනීමෙන අනතුරුව ක්‍රමවත්ව කසල බඳුන් වලට එම ලෙලි පොතු වර්ග බැහැර කරන්න.  




 
 
 



පොල්  කටු තැඹිලි කොම්බ වැනිදේ මගින්

පොල් කටු තැඹිලි කොම්බ වැනිදේ  බහුලව මදුරුවන් බෝවන ස්ථාන වේ. පොල් කටු නිසි ලෙස බැහැර නොකිරීම මගින් කපුටන් වැනි සතුන් ඒවා රැගෙන ගොස් තැන තැන දැමීමෙන්  ඒවායෙහි ජලය රැඳී මදුරුවන් ව්‍යාප්ත විය හැක. එමෙන්ම ඔබ තම්බිල් කුරුම්බා වැන්න පානය කිරීමෙන් පසු ජලය එක රැස් නොවන අයුරින් කැබලි වලට පලා ඉවත් කිරීමට හෝ වලලා දැමීමට වග බලාගන්න.  






කුණු  කාණු මගින්

කුණු  කාණු නාගරික ප්‍රදේශ වල පවතින ප්‍රධාන ගැටලුවකි. ඉඩකඩ සීමිත වීමත් අලසකමත් හේතුවෙන් නිවාස වලින් බැහැර කරන අපිරිසිදු ජලය කාණු වලට මුදා හැරිම බහුලව දක්නට ලැබේ. මෙමගින් පරිසරය දුෂණය වීමත්, පාචනය වැනි ලෙඩ රෝග හට ගැනීම පමණක් නොව ඩෙංගු මදුරුවන් බෝවිමටද වැඩි වශයෙන් දායක වේ. නිවාස වල එක්රැස් වන වැසි ජලය පමණක් කණු වලට හැරවීමට හැකි අතර අපිරිසිදු ජලය බැහැර කිරීම නීති විරෝදී ක්‍රියාවකි. ඉන් හටගන්නා ඩෙංගු මදුරුවන් දෂ්ට කරනුයේ අසල්වාසීන්ට පමණක් නොව එහි තර්ජනය තමාටත් සමව පවතින බව සිහි තබා ගන්න. අපිරිසිදු ජලය ආවරණය කරන ලද වලක් තුලට මුදා හැරීම යෝග්‍ය වේ.  


 



වතුර  රැඳෙන ගලි මගින්

ඔබ නනිවෙස් තුළ ජලය බැහැර වෙන ගලි වලවල් තිබේද?
ඔබ නිවසේ ගලි වලවල් ඇත්නම් ඒවා පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වන්න. එවැනි ස්ථාන වල ජලය එක්රැස්ව තිබිය හැක. ඩෙංගු මදුරුවා වර්දනය වීම ඉතා කෙටි කලකදී සිදු වන බැවින් එවැනි ස්ථාන නිරන්තරයෙන් පරික්ෂ කරන්න.  


ඉවතලන් ටින් විදුරු කටු ප්ලාස්ටික් වැනිදේ මගින්

ටින් බෝතල් කටු ප්ලාස්ටික් කැබලි තුල හොඳින් ජලය එක් රැස් වේ. එබැවින් එවැනිදෑ වලක් තුලට දමා පස වලින් වසා දැමිය හැක. නමුත් මෙය කුඩා වතු තුල සිදු කිරීම තරමක් අපහසු කටයුත්තක් වේ. එබැවින් එවැනි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම වඩාත් යෝග්‍ය වන අතර ඉන් ඔබට මුදලකුත් උපයාගැනීමට හැකියාව ලැබේ. 


.


ඉවතලන ටයර් මගින්

බාවිතයෙන් ඉවතලන පැරණි ටයර් පරිසරයට සිදු කරන්නේ විශාල හානියකි. මේවායෙහි ජලය ස්වල්පයක් හෝ රැඳුනහොත් එය ඉවත් කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වේ. එබැවින් මෙම ටයර ඉවත් කිරීමේදී අනිවාර්යයෙන් තරමක් විශාල සිදුරු ඇති කර බැහැර කරන්න. නැතහොත් පස් පුරවන්න. මේවා පිළිස්සීමේදී ඉතා අහිතකර වායුන් පිටවන බැවින් කිසිවිටකත් පිලිස්සීමෙන් වලකින්න.



කුහුඹු  උගුල් මගින්

ඔබ නිවෙස් තුල තබා ඇති කුහුඹු උගුල් මගින් ඔබ මදුරුවන් බෝකරන්වා විය හැක. එබැවින් ඒවා නිතර ජලය මාරු කිරීම, බුමිතෙල් හෝ පොල් තෙල් වැනි ඝනත්වයෙන් අඩු ද්‍රවයක් මිශ්‍ර කිරීම හෝ ලුණු මිශ්‍ර කිරීමෙන් මදුරුවන් ඇති වීම වලක්වා ගත හැකිය. 



සුරතල් සතුන්ගේ ජල බඳුන් හා මල බඳුන් මගින්

ඔබගේ  සුරතලාසඳහා තබා ඇති ජාල බඳුන තුළ, එමෙන්ම මල බඳුන් තුළද ඩෙංගු මදුරුවා බිත්තර දැමිය හැක. එබැවින් ඒවායේ පෘෂ්ඨයන් නිරතුරුව හොඳින් අතුල්ලා පිරිසිදු කොට ජලය මාරු කිරීම සිදු කරන්න. 



මාළු ටැංකි පොකුණු වැන්න තුළ 

ඔබ  නිවසේ ඇති ව්සිතුරු මසුන් සහිත මාළු ටැංකි පොකුණු වැනිදෑ තුලද මදෘවන් බෝවේ. ඒවායෙහි මසුන් සිටියද සෑම මත්ස්‍යයෙකුම මදුරු බිත්තර මදුරු කීටයන් ආහාරයට නොගනී. එබැවින් එම මදුරු බිත්තර හා කීටයන් ආහාරයට ගන්නා ගප්පි කාෆ් වැනි මත්ස්‍යයින් එම පොකුණු ආදියට එකතු කරන්න. 







ගොලුබෙලි කටු තුළ

ගොලුබෙලි කටු තුලද ජලය එකතු වේ. එබැවින් ඒවා තලා විනාශ කර දමන්න. 

ඩෙංගු මාරාන්තික රෝගයකි. ඒ සඳහා ප්‍රතිකාර තවමත් සොයාගෙන නැත. එබැවින් ඉන ආරක්ෂා වීම සැමගේ වගකීමකි. ඩෙංගු මදුරුවා අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයන් පමණක් සොයා පැමිණ දෂ්ඨ නොකරන බව මතක තබාගන්න. එබැවින් තම නුවණ බවිථා කර ඔබත් ඔබගේ පවුලත් රැකගන්න. තම නිවස පිරිසිදු කර එහි අපද්‍රව්‍ය අසල පිහිටි හිස් වතු තුලට නොදමන්න. එහි විපාක පෙරලා තමාටද ලැබෙනු ඇත. 

ඔබ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින්, අවට පරිසරය හොදින් හිරු එලිය වැටෙනසේ තබා මදුරුවන් බෝවන ස්ථානත්, ඔවුන් විවේක ගන්නා ස්ථානත් විනාශ කර ඩෙංගු මදුරුවා පරදවන්න.      





ඩෙංගු ගැන දැනුවත් වෙමු

ඩෙංගු ගැන දැනුවත් වෙමු


ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන වර්ෂාව නිමවූ පසු මිනිසුන්ට අමතකවී යන ඉතාමත්ම බයානක රෝග තත්ත්වයකි. වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යයි. සාමාන්‍යයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ මෙම රෝග තත්ත්වයවාර්තාවන අතර සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු වල වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් මේ වන විට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වය මෙම මර්ණ වලට හේතුවී ඇත. 

ඩෙංගු රෝගය

ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයක් වන අතර මෙම මදුරුවා සුදුපාට ලප සහිත  මදුරු විශේෂයකි. ඊඩිස් ඊගිප්ටි (Ades  aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades  albopictus ) මගින් මෙම රෝගය බෝවන අතර මෙම මදුරුවන් සාමාන්‍ය යෙන් මිටර් 1, 000 කට පහලින් පියාසර කරමින් සිටී. මෙම ගැහැණු මදුරුවෙකු ඩෙංගු ආසාදිත පුද්ගලයකු දෂ්ඨ කර රුදිරය උරා බීමෙන් අනතුරුව  එම රුධිරය සමඟින් ඩෙංගු වයිරසය එම මදුරුවාට ඇතුළු වේ. පසුව එම ගැහැණු මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වයිරසයද එම පුද්ගලයාගේ සිරුරට ඇතුළු වේ. මෙසේ එම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණක් වුවද මේ වන විට ඔවුන් දවස පුරාම සක්‍රිය බව වාර්තා වේ.

ඩෙංගු රෝගයේ ලක්ෂණ


වයිරසය ශරීර ගතවුවන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නැතහොත් සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සුළු පිරිසක් පමණ රක්තපාත උණ නැතහොත් ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක. ඩෙංගු වැලදුනු රෝගියකු තුලින් රෝග ලක්ෂණ බාහිරට පෙන්නුම් කිරිමට දින 3  සිට 14ක් පමණ කාලයක් ගත විය හැකි නමුත් බොහෝවිට ඩෙංගු දින 3 සිට 7ක්  පමණ ගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක‍ෂණ අනෙක් උණ රෝග වලට සමාන බැවින් ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක් අපහසු වේ. ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන විවිධ මට්ටම් වලින් හට ගනී.
  • තද හිසේ කැක්කුම 
  • ඇස් යට වේදනාව 
  •  හන්දි වේදනාව 
  • ආහාර අරුචිය 
  •  මාංශ පේෂිවල කැක්කුම 
  •  වමනය 
  •  සමේ ඇතිවන රතු පැහැති පැල්ලම් 
  •  දත්මුල් වැනි ස්ථාන වලින් ඇතිවන ලේ වහනය

ඩෙංගු රක්තපාතය

ඩෙංගු රෝගීන්ගෙන් සුලු පිරිසක්  ඩෙංගු රක්තපාත සඳහා ගොදුරු විය හැකිය. මෙහිදී ශරීරය අබ්‍යන්තරයේ රුධිර වහනයක් ආරම්භ වී එය නිසා ඇතිවන අවපීඩනය හා අනෙකුත් සංකූලතා නිසා රෝගියා ඉතා දරුණ තත්ත්වයකට පත්වීමයි.
සාමන්‍යයෙන් උණ රෝගියෙකුගෙ 104 °F පමණ උණ පැවතිය හැක. මෙම අධික උණ දින 2 සිට 7 දක්වා පැවතිය හැක. මිට අමතරව වමනය යාමද ඇතිවිය හැක. මෙවැනි ලක්ෂන දක්නට ලැබෙන  රොගින්ගී සිරුරෙහි සම යට කුඩා රතු පැල්ලම් මුල් දින දෙක තුනෙහි දැකිය හැකි වේ අතර රෝගය ක්‍රමයෙන් වර්දනය වන විට මෙය සරම්ප රෝගියෙකුගෙ ඇගෙහි දැකිය හැකි පැල්ලම් මෙන් රතු පල්ලම් වර්ධනය විය හැක.තවද විදුරු මස් වලින් ලේ ගැලීමද මෙම කාලයෙදී සිදුවිය හැක. ඩෙංගු උණ වෙනත් උණ මෙන් නොව විවිධ ලක්ෂන පෙන්නුම් කරයි. එම උණ දින දෙකක් ඇතුලත වැඩි වෙමින් අඩු වෙමින් පැවතිය හැක.

රෝගයෙන් පෙලෙන්නෙකුගෙ සිරුරෙහි රුධිරය වහනය වීමේ රෝග ලක‍ෂණ පෙන්වන නමුත් සාමන්‍ය ඩෙංගු උණ රෝග තත්වයේදි රුදිර ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැක රුදිර ප්ලාස්මා කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණ පසු වේ. රුධිර තරලයේ අඩංගු රුදිර පට්ටිකා (platelet) ප්‍රමාණය අඩුවීම ඩෙංගු රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේක‍ෂ රක්තානු පරිමාව, ඇල්බියුමින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ සදහා යොදා ගත හැක. ප්ලස්මා කාන්දු වීමේ රෝග ලක‍ෂණ ලෙස ප්ලාස්මාවට සාපේක‍ෂ රතු රුධිරානු  පරිමාව (PVC) 20% ඉහළ යාම, රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම සහ ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම දැක්විය හැක.

ඩෙංගු රක්තපාත ලක්‍ෂණ 

  • තද උණ හෝ කම්පනය ඇති විට උණ බැස ශරීරය සීතල වීම
  • සමේ ඇතිවන රතු පැල්ලම්
  • රුධිර පීඩනය අඩු වීම
  • අක්මාව ඉදිමීම
  • කුද්දෙටි ඉදිමීම
  • සමෙහි ඉතා කුඩා රුධිර ගැලීම් රතු දම් පැහැයට ඇතිවීම
  •  නාසයෙන් විදුරුමසෙන් ලේ ගැලීම
  • අධික ඔසප් රුධිර පිටවීම
  • කෝපි කුඩු පාටට වමනය ඇතිවීම හෝ ලේ වමනය ඇතිවීම
  • ඇඟපත ඇල්ලූ විට ඇතිවන වේදනාව
  • සිහිමුර්ජා වීම

ඩෙංගු රෝගය හඳුනාගැනීම 

 

ප්‍රධාන වශයෙන් රුධිර පරීක්ෂණ මගින් ඩෙංගු හඳුනා ගැනීම සිදුවේ.  FBC (Full Blood Count) යන පරීක්ෂණය මෙහිදී ප්‍රමුඛ වන අතර ඊට අමතරව ප්‍රතිදේහ (antibody) සඳහාද යොමුවිය හැකිය. මීට අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේදී අති ධ්වනි තරංග පරික්ෂා (USS) වැනි පරික්ෂණ වලටද යොමු වීමට සිදුවේ.

ඩෙන්ගු ප්‍රතිකාර 

මෙය බොහෝවිට ගැටලුවක් නොමැතිව සුව වන බැවින් මූලික වශයෙන් රෝගියා පරික්ශා කිරීම සිදුවේ. ඒ සඳහා රෝහල් ගත විය යුතුය. තවද රෝහල් ගත වීමෙන් පසු දියර වර්ග පාලනයකින් යුතුව ලබා දීම සිදුවේ රුදිර පට්ටිකා වර්දනය වන පානයන් පානය කිරීම වඩාත් යෝග්‍යයි.

ඩෙංගු රෝගය මාරාන්තික රෝගයකි. ඩෙංගු රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ එබැවින් ඉහත රෝග ලක්‍ෂණ ගලපා ගැනීමේදී ඉතා ප්‍රවේසම් විය යුතු අතර උණ රෝගයක් වැළදුන විගස වෛද්‍යවරයා වෙත ගොස් වෛද්‍ය සහය පැතීමත් රුදිර පරික්ෂාවන්ට ලක් කිරීමත් ඉතා වැදගත් වේ. ඩෙංගු රෝගය සෑදුනු සෑම අයකුටම අසාධ්‍ය නොවන අතර ඩෙංගු රෝගය වැලඳුණු රෝගීන්ගෙන් 80% පමණ එතරම් අසාධ්‍ය නොවී සුව වේ.



Thursday, August 14, 2014

Finding Fanny

Finding Fanny

 


Finding Fanny 2014 සැප්තැම්බර් 12 වැනිදා නිකුත් වෙන්න තියෙන ෆිල්ම් එකක්. අධ්‍යක්ෂණයෙන් හෝමි අඩජානියා මේ සඳහා දායක වන අතර රංගනයෙන් දීපිකා පදුකෝන්, අර්ජුන් කපූර්, නසිරුදින් ෂාහ්, ඩිම්පල් කපාඩියා, පන්කජ් කපූර් ඇතුළු නළු නිලියන් රැසක් සහබාගී වේ.

මෙහි  ප්‍රදාන ගීතය වන ෆනි රේ නමැති ගීතයේ එළිදැක්වීම පසුගියදා පැවැත්වූ අතර දීපිකා පදුකෝන් හා අර්ජුන් කපූර්ඒ සඳහානර්තනයෙන් දායක වුණා. උත්සවය සඳහා දීපිකා පදුකෝන් සැරසී සිටි කොට ඇඳුම කාගේත් අවදානයට ලක් වුණා. 

 




       

Happy New Year

Happy New Year

 

  

 Happy New Year ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් එකක්. 2014 ඔක්තෝම්බර් 23 තමයි මේ ෆිල්ම් එක නිල වශයෙන් ප්‍රදර්ශනය කරන්න ඉන්න බව සඳහන් වෙන්නේ. ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, බෝමන් ඉරානි, සෝනු සුඩ්, ජැකී ශරෝෆ් යන නළුවන් රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂනයෙන් ෆාරාහ් ඛාන්ද, නිෂ්පාදනයෙන් ශාරුක් ඛාන්ගේ දයාබර බිරිඳ ගෞරී ඛාන්ද දායක වෙන බව සඳහන් වෙනවා.         


Wednesday, August 13, 2014

Man Bra

පිරිමින්ටත් බ්‍රා එකක්



ගැහැනු පාර්ශවය වගේම පිරිමි පාර්ශවයත් විලාසිතා වලට දක්වන්නේ පුදුම උනන්දුවක්. විලාසිතා සම්බන්ද අපුරු පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා. මේ වනවිට ජපානයේ වෙළඳපොළට පිරිමින් සඳහා පිරිමි තනපට නිකුත් වී තිබෙනවා. Man Bra ලෙසින් හඳුන්වන මෙම නිෂ්පාදනය තරමක් තරබාරු මාන්ශපෙෂින් විශාල වී එල්ලා හැලෙන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ මස්පිඩු සඟවා තබා පිරිපුන් ලෙස පෙනී සිටීමට නිෂ්පාදනය කර ඇති බැවයි වාර්තා වෙන්නේ.   

වෙද හාමිනේ ජීවිතයට සමු දෙයි

රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අභාවප්‍රාප්ත වේ

 


රෙබෙකා නිර්මලී සිංහල ටෙලිනාට්‍ය කලාවේ හමුවන ප්‍ප්‍රතිභාපුර්ණ කලාකාරියකි. 1987 වසරේදී වෙද හාමිනේ ලෙසින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ඇය, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, මොණරතැන්න, අකාල සන්ධ්‍යාදඬුබස්නාමානය ඇතුළු ටෙලිනාට්‍ය 150කට පමණ දායක වෙමින් සිය රංගන කෞශල්‍යය විදහා පෑ මෙම කලාකාරිය 2007 වසරේ සිට ගැබ් ගෙල පිළිකාවකින් පිඩා විඳ පසුගිය මාස 2ක පමණ සිට මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීමෙන් අනතුරුව  ඊයේ රාත්‍රියේ අප අතරින් සමු ගත්තාය. මිය යන විට 49 වන වියේ පසු වූ ඇය එක දරු මවකි.