ඩෙංගු ගැන දැනුවත් වෙමු
ඩෙංගු උණ (Dengue Fever) යනු විශේෂයෙන් වර්ෂාකලයට විශේෂයෙන් කතාබහට ලක්වන වර්ෂාව නිමවූ පසු මිනිසුන්ට අමතකවී යන ඉතාමත්ම බයානක රෝග තත්ත්වයකි. වර්ෂාවත් සමගම ඩෙංගු ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් ඉහල යයි. සාමාන්‍යයෙන් වසරකට 5000 සිට 10,000ක් පමණ මෙම රෝග තත්ත්වයවාර්තාවන අතර සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු වල වසරකට රෝගීන් 50ක් පමන මිය යන නමුත් මේ වන විට මෙම තත්ත්වය ඉතා පහල අගයකට අඩුවී ඇත. ඩෙංගු රක්තපාත (Dengue hemorrhagic fever) නම් උණ තත්ත්වය මෙම මර්ණ වලට හේතුවී ඇත.
ඩෙංගු රෝගය
ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයක් වන අතර මෙම මදුරුවා සුදුපාට ලප සහිත මදුරු විශේෂයකි. ඊඩිස් ඊගිප්ටි (Ades aegypti) හා ඊඩිස් ඇල්බෝපික්ටස් (Ades albopictus ) මගින් මෙම රෝගය බෝවන අතර මෙම මදුරුවන් සාමාන්‍ය යෙන් මිටර් 1, 000 කට පහලින් පියාසර කරමින් සිටී. මෙම ගැහැණු මදුරුවෙකු ඩෙංගු ආසාදිත පුද්ගලයකු දෂ්ඨ කර රුදිරය උරා බීමෙන් අනතුරුව එම රුධිරය සමඟින් ඩෙංගු වයිරසය එම මදුරුවාට ඇතුළු වේ. පසුව එම ගැහැණු මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වයිරසයද එම පුද්ගලයාගේ සිරුරට ඇතුළු වේ. මෙසේ එම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය. ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණක් වුවද මේ වන විට ඔවුන් දවස පුරාම සක්‍රිය බව වාර්තා වේ.
ඩෙංගු රෝගයේ ලක්ෂණ
වයිරසය
ශරීර ගතවුවන්ගෙන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නැතහොත් සාමාන්‍ය වයිරස උණක රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. සුළු පිරිසක් පමණ රක්තපාත උණ නැතහොත් ඩෙංගු කම්පන තත්වයට පත් විය හැක. ඩෙංගු වැලදුනු රෝගියකු තුලින් රෝග ලක්ෂණ
බාහිරට පෙන්නුම් කිරිමට දින 3 සිට 14ක් පමණ කාලයක් ගත විය හැකි නමුත් බොහෝවිට ඩෙංගු දින 3 සිට 7ක් පමණ ගත වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ ඇතිවේ.
රෝග ලකෂණ අනෙක් උණ රෝග වලට සමාන
බැවින් ඩෙංගු රෝගය වෙනත් උණ රෝග වලින් වෙන් කර හදුනා ගැනීම මුල් දින 2 තුළ තරමක්
අපහසු වේ. ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලකෂණ යන
විවිධ මට්ටම් වලින් හට ගනී.
- තද හිසේ කැක්කුම
- ඇස් යට වේදනාව
- හන්දි වේදනාව
- ආහාර අරුචිය
- මාංශ පේෂිවල කැක්කුම
- වමනය
- සමේ ඇතිවන රතු පැහැති පැල්ලම්
- දත්මුල් වැනි ස්ථාන වලින් ඇතිවන ලේ වහනය
ඩෙංගු රක්තපාතය
ඩෙංගු රෝගීන්ගෙන් සුලු පිරිසක් ඩෙංගු රක්තපාතය සඳහා ගොදුරු විය හැකිය. මෙහිදී ශරීරය අබ්‍යන්තරයේ රුධිර වහනයක් ආරම්භ වී එය නිසා ඇතිවන අවපීඩනය හා අනෙකුත් සංකූලතා නිසා රෝගියා ඉතා දරුණ තත්ත්වයකට පත්වීමයි.
සාමන්‍යයෙන් උණ රෝගියෙකුගෙ 104 °F පමණ උණ පැවතිය හැක. මෙම අධික උණ දින 2 සිට 7 දක්වා පැවතිය හැක. මිට අමතරව වමනය යාමද ඇතිවිය හැක. මෙවැනි ලක්ෂන දක්නට
ලැබෙන රොගින්ගී සිරුරෙහි සම යට කුඩා රතු පැල්ලම් මුල් දින දෙක
තුනෙහි දැකිය හැකි වේ අතර රෝගය ක්‍රමයෙන් වර්දනය වන විට මෙය
සරම්ප රෝගියෙකුගෙ ඇගෙහි දැකිය හැකි පැල්ලම් මෙන් රතු පල්ලම් වර්ධනය විය
හැක.තවද විදුරු මස් වලින් ලේ ගැලීමද මෙම කාලයෙදී සිදුවිය හැක. ඩෙංගු උණ
වෙනත් උණ මෙන් නොව විවිධ ලක්ෂන පෙන්නුම් කරයි. එම උණ දින දෙකක් ඇතුලත වැඩි
වෙමින් අඩු වෙමින් පැවතිය හැක.
රෝගයෙන්
පෙලෙන්නෙකුගෙ සිරුරෙහි රුධිරය වහනය වීමේ රෝග ලකෂණ පෙන්වන නමුත් සාමන්‍ය
ඩෙංගු උණ රෝග තත්වයේදි රුදිර ප්ලාස්මා කාන්දුවක් දැකිය නොහැක රුදිර ප්ලාස්මා
කාන්දුව සිදුවන්නේ ඩෙංගු රක්තපාත උණ සෑදුණ පසු වේ. රුධිර තරලයේ අඩංගු රුදිර පට්ටිකා (platelet) ප්‍රමාණය අඩුවීම ඩෙංගු
රෝගය පෙන්වන මනා දර්ශකයක් වන අතර රුධිරයේ මුළු පරිමාවට සාපේකෂ රක්තානු
පරිමාව, ඇල්බියුමින් ප්‍රමාණය, කොලෙස්ටරෝල් ප්‍රමාණය මේ සදහා යොදා ගත හැක.
ප්ලස්මා කාන්දු වීමේ රෝග ලකෂණ ලෙස ප්ලාස්මාවට සාපේකෂ රතු රුධිරානු පරිමාව
(PVC) 20% ඉහළ යාම, රුධිරයේ ඇල්බියුමින් /කොලෙස්ටරෝල් මට්ටම පහළ යාම සහ
ප්ලුරාවේ /වෙනත් දේහ කුහර වල තරලය එකතු වීම දැක්විය හැක.
ඩෙංගු රක්තපාත ලක්‍ෂණ
- තද උණ හෝ කම්පනය ඇති විට උණ බැස ශරීරය සීතල වීම
- සමේ ඇතිවන රතු පැල්ලම්
- රුධිර පීඩනය අඩු වීම
- අක්මාව ඉදිමීම
- කුද්දෙටි ඉදිමීම
- සමෙහි ඉතා කුඩා රුධිර ගැලීම් රතු දම් පැහැයට ඇතිවීම
- නාසයෙන් විදුරුමසෙන් ලේ ගැලීම
- අධික ඔසප් රුධිර පිටවීම
- කෝපි කුඩු පාටට වමනය ඇතිවීම හෝ ලේ වමනය ඇතිවීම
- ඇඟපත ඇල්ලූ විට ඇතිවන වේදනාව
- සිහිමුර්ජා වීම
No comments:
Post a Comment