Thursday, August 21, 2014

13 හැවිරිදි අක්කා අතින් පිහි පහර කෑ 6 හැවිරිදි දැරිය




මොණරාගල බඩල්කුඹුර බංගලා කොටස අළුපොත ප්‍රදේශයෙන් 6 හැවිරිදි දැරියක් පිහියකින් ඇන මරා දැමීමක් වාර්තා වේ. එම දැරියගේ ඝාතනය ඇගේ 13 හැවිරිදි සොහොයුරිය අතින් සිදුවී ඇත. ඊයේ (අගෝස්තු 20) දිනයේ සිදුවී ඇති මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ තම පියා විසින් 6 හැවිරිදි දැරිය වෙත බූන්දි පාර්සලයක් ගෙනවිත් දීමයි. දෙමව්පියන්ගේ ආදරය තමාට වඩා වැඩියෙන් තම නැගෙනියට ලැබෙන බැවින් තම නැගණිය කෙරෙහි වෛරයෙන් පසු වී ඇති ඇය ඊයේ දිනයේ තම පියා විසින් තම නැගණියට බූන්දි පාර්සලයක් දීම සම්බන්දව ඇතිවූ දැඩි කෝපය මත තම දෙමව්පියන් නිවසේ නොමැති අවස්තාවක තම නැගණියට පිහියෙන් ඇන මරා දමා ඇත. පිහි ඇනුම් 9ක් පමණ මෘත දේහය තුල පැවති බව වාර්තා වේ.     


කුඩා දරුවන් මෙසේ දරුණු වීමට අප සැම විසින් හේතු කාරණා සෙවිය යුතුය. නැතහොත් හෙට මවැනි මරණයන් තවත් සිදුවිය හැක. මෙවැනි මරණයන් සිදුවීමට තරම් අද සමාජය පිරිහී ඇත. මිට හේතුව කුමක්ද?? වර්තමානයේ පවතින සමාජ ක්‍රමයේ පවතින ගැටළු නොවේද? වැඩිහිටියන් අතින් මෙවැනි දේ සිදු වුවත් මෙවැනි කුඩා දරුවන් මිනී මැරුම් ගැන කුමක් දනීද? ඇතැම් විට ඊට හේතුව මාධ්‍ය මගින් පෙන්වන්නා වූ දේවල් විය හැක. රුපවාහිනී නාලිකා තුල, පුවත්පත් තුල නිරන්තරයෙන් මිනීමැරුම් දර්ශන ඇතුලත් වේ. මෙවැනි දර්ශන කුඩා ළමුන්ගේ ළමා මනස විකුර්ති කරනු නිසැකය. 

ඇතැම් නාලිකා තුල සවස් වරුවේ ළමා කාටුන් විකාශය කරයි. එම වැඩසටහන් විකාශය වන අතරතුර පුවත් විකාශයන් පෙන්වා ඒවායෙහි වෙඩි තැබීම්, පිහි ඇනුම් ආදිය පෙන්වයි. ළමා වැඩසටහන් අතරතුර මෙවැනි පුවත් විකාශයන් දැමීම ගැටලුසහගත තත්වයකි. 

සිගරට් පැකට්ටු වල රූපරාමු ඇතුලත් කිරීම,  රුපවාහිනී ටෙලිනාට්‍යයන් හා චිත්‍රපට අතරතුර මත්ද්‍රව්‍ය පානය කරන කොටස් වල පහතින් එහි අහිතකර බව පෙන්විම වැනිදෑ පමණක් ළමා මනස සෑදීම සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුන් තේරුම ගත යුතු නොවේද? 

මේ විනාශ වන්නේ අපේ රටේ අනාගත පරපුරයි. දෙමව්පියනි, තම කුඩා දරුවා පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න.            


No comments:

Post a Comment